
(ගයාන් සූරිය ආරච්චි)
නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන මහතා අද (22) දින සිට පත් කර තිබේ.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ නියෝග මත ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් ප්රදානය කර ඇත.
1992 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 10 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදාවේ විධායක අංශයට එක් වූ ධම්මික විජේවර්ධන මහතා මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1994 වර්ෂයේ වැඩ බලන උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වූයේය.
1996 වර්ෂයේදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා, උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව 1999 වර්ෂයේදී නාවික හා සාගරික විද්‍යාපීඨය වෙතින්ද, ජල ශාස්ත්‍ර පාඨමාලාව 2002 වර්ෂයේදී ඉන්දීය නාවික හමුදාව වෙතින්ද හදාරා, ජල ශාස්ත්‍රය සම්බන්ධ විශේෂඥතාවය ලබා ඇත.
2004 වර්ෂයේදී කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව බංග්ලාදේශයේදී ලබාගත් ඔහු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව 2008 වර්ෂයේදී අමෙරිකා එක්සත් ජනපදයේදී සහ දීර්ඝ ජල ශාස්ත්‍රීය පාඨමාලාව 2010 වර්ෂයේදී ඉන්දියාවේදී හැදෑරුවේය.
එමෙන්ම ජල ශාස්ත්‍රීය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය ඉන්දියාවේ ගෝවා විශ්ව විද්‍යාලයෙන් හිමි කරගත් ඔහු ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ආරක්ෂක හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ පාඨමාලාව සහ ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ දර්ශනපති උපාධිය හිමිකර ගෙන ඇත.
2024 වර්ෂයේ රියර් අද්මිරාල් නිලයට උසස් වීම් හිමි කරගන්නා රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන මහතා සිය සේවා කාලය තුල, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යයන උපදේශක, නාවික හමුදා විනයාරක්ෂාධිපති, අධ්යක්ෂ නාවික පරීක්ෂණ, නියෝජ්‍ය ආඥාපති උතුරු මැද නාවික විධානය, නියෝජ්‍ය ආඥාපති බටහිර නාවික විධානය, ආඥාපති වයඹ නාවික විධානය, අධ්යක්ෂ ජෙනරාල් පුහුණු සහ ආඥාපති දකුණු නාවික විධානය ලෙස නාවික හමුදාවේ ප්රමුඛ නිලතල දරා තිබේ.
රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන මහතා කෑගල්ල, තෝලන්මුව ඩඩ්ලි සේනානායක මධ්‍යම හා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්!!